Menu

බිදුණු හදවතින් හිසට සිනා මල් පැලදවූ ඔප්රා

September 13, 2017

මිල මුදල්, වත්පොහොසත්කම් කෙනෙකුට සතුට සැනසුම ගෙනෙන්නට සමත් වෙද්දි තවත් කෙනෙකු වත්පොහොසත්කම් හා මිල මුදල් නැති කම නිසා අන්ත අසරණ හා දුක්ඛිතබවට පත්වේ. එය මෙලොව වෙසෙන ඕනෑම කෙනෙකුට බලපාන්නාවූ පොදු තත්ත්වයක්. නමුත් දුක කරපිනාගෙන ජීවත් වීම වෙනුවට දුකට සතුටක් ආදේශ කරගනිමින් ජීවිතේ දිනූ ගැහැණුන් හා පිරිමින් ඕනෑ තරම්. මේ කියන්නට සූදානම් වන්නෙ එවන් දිරිය ගැහැණියක් පිලිබදවයි තමන්ට අත්විදින්නට සිදුවූ බොහෝ කටුක අමිහිරි අත්දැකීම කටු ඔටුන්නක් කරගැනීම වෙනුවට ඇය සියලු දුක්ඛ දෝමනස්සයන් මල් බවට පත් කොට හිස පලදාලන්නට සමත් වූවාය. දුක් විදිනා දුකම ජීවිතය බවට පත් කරගත් ලොව අන් ගැහැණුන්ගෙන් ඇය වෙනස් වන්නේ එනිසාය.

1954 දී ඇමරිකාවේ මිසිපිසී ප්‍රාන්තයේදි දුප්පත් මව්පිය යුවලකට දාව ඉපදෙන ඇය ඔප්රා වින්ෆ්‍රිය. ඇගේ පියා ඇමරිකානුවෙක් වූ අතර මව අප්‍රිකානු ජාතික කාන්තාවක් වූවාය. අතිශය දිළිදු පව්ලක උපත් ලැබූ නිසා ඔප්රාට කුඩා අව්දියේ සිට අත්විදින්නට වූයේ ගැහැටයන් පමනි. පවුලේ තිබූ ආර්ථිකමය දුෂ්කරතා නිසා ඔප්රා ඇගේ මිත්තනිය සමග තනිකොට දමා යන්නට ඇගේ මාපියෝ තීරනය කලහ. එය කුඩා ඔප්රාට දරාගන්නට පවා නොහැකිවිය. සිට මිත්තනිය සමග ජීවත්වන්නට සිදුවූ ඔප්රා කෑවෙ එක් වේලක් පමණි. ඇයට අදින්නට ලැබුනේ ගෝනිවලින් මැසූ ඇදුම්ය. වසර 6ක් මිත්තනිය සමග ජීවත් වූ ඇයට සිය මව සමග නගරයට යන්නට අවස්තාව හිමිවිය. මව සමග නගරයේ ජීවත් වීම එතරම් ප්‍රියදායී අත්දැකීමක් බවට පත් නොවූ අතර වයස අවුරුදු 9දී ඇය සමීපතම නෑයෙකු අතින් ලිංගික අපයෝජනයකට ලක්වූවාය. ඉන් පසුව දැඩි මානසික කම්පනයකට ලක්වූ ඔප්රා වයස අවුරුදු 14දී සිය මව අතහැර පියා සමග ජීවත් වන්නට තීරනය කලාය. ඒ තීරනය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වන්නෙ ඇයට වාසනාව උදා කරමින්ය.

අද්‍යාපනයේ වටිනාකම පිලිබද වටහාගෙන සිටි ඇගේ පියා ඇයව නගරයේ උසස් පාසකකට ඇතුලත් කරේ ඇගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරමින්ය. පාසල් අද්‍යාපනයේදී ඇය ඉතා සුවිශේෂී දක්ෂතා පෙන්වන්නට සමත් වූ ඔප්රා පාසලේ සිටින දක්ෂතම සිසුවියන් අතරට එක්වන්නට සමත් වූවාය. විශ්ව විද්‍යාලීය අද්‍යාපනය ලබන්නට වාසනාව ලැබූ ඔප්රා ඉගෙනීම අතරතුර බ්ලැක් රේඩියෝවේ නිවේදීකාවක් ලෙස සේවයට එක්වූ අතර වයස 20දී ඇය ජනප්‍රිය නිවේදිකාවක් බවට පත් වූවාය. පසුව ඇයට ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ අයි ඈම් චිකාගෝ හි නිවෙදන කටයුතු කරන්නට අවස්තාව උදා වූ අතර ඉන් මහත් ප්‍රසිද්දියක් අත් කරගත්තාය. ඊට අමතරව. ද ඔප්රා වින්ෆ්‍රි ෂෝ නමින් කල වැඩසටහනද අතිශය ජනප්‍රිය විය. ඇයට තිබූ සුවිශේෂී පෙනුම නිසාම ඇයට රංගනයටද අවස්තාව උදාවූයේ ඇයත් අපේක්ෂා නොකල අයුරින්ය. ඒ අනුව ඇය රංගනයෙන් දායකවූ ද කලර් පර්පල් චිත්‍රපටයේ රංගනට වෙනුවෙන් හොදම සහය රංගනයට හිමි ඇකඩමි සම්මානය සදහා නිර්දේශ වන්නට තරම් වාසනාවන්ත වූවාය. ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වූ ඔප්රා පසු කාලීනව ද ඔප්රා මැගසීන් නමින් තමන්ගේම සගරාවක් පවා නිකුත් කලාය. එපමණක් නොව ඇය තමන්ගේම ගුවන් විදුලී නාලිකාවක්ද ආරම්භ කරන්නට සමත් වූවාය.

අද වන විට ඇමරිකාවෙ පමණක් නොව ලෝ ප්‍රකට සෙලිබ්‍රිටි චරිතයක් බවට පත්ව සිටින ඔප්රා ඔප්රා ෆින්ෆ්‍රි නෙට්වර්ක් මාද්‍ය ජාලයේ අද්‍යක්ෂිකාවයි. මේ වන විට අවුරුදු 61 වියැති ඔප්රාට මිලියන 42 ක පෞද්ගලික ජෙට් යානයක්ද හිමිය. ඇයට හිමි සුපිරි මන්දිර හා දූපත් කිහිපයකි. මේ වන විට ඇයගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන තුනක් වන අතර අප්‍රිකානු හා ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවන් අතරින් ලොව ධනවත්ම කාන්තාව වන්නේද ඔප්රා වින්ෆ්‍රිය. ලොවට වඩාත්ම බලපෑමක් කරන්නට සමත් කාන්තාව ලෙසින් ඇය හිටපු ඇමරිකානු ජනාදිපති බැරක් ඔබාමා අතින් සම්මානයට පවා පාත්‍ර වූවාය. ලෝ සුප්‍රකට ෆෝබ්ස් සගරාවට අනුව. ලොව යහපත් වෙනස්කම් සිදුකල පුද්ගලයින් තිදෙනාගෙන් ඔප්රා එක් පුද්ගලයෙක්ය. දුක දිනා ජීවිතය ජය ගත් ඇය මේ වන විට තමා වැනි කටුක අමිහිරි අත්දැකීම් ලැබූ ගැහැණුන්ගේ ජීවිතය සාර්ථක කිරීමට අවැසි දායකත්වය ලබා දෙමින් සිටින්නීය. ඇය ඒ වෙනුවෙන් ශ්‍රම දායකත්වය මෙන්ම මූල්‍යමය දායකත්වයද සපයන්නීය. ඇගේ නායකත්වයෙන් යුතු පාසලේ ජීවිතට දිනන්නට ඉගෙන ගන්නා ගැහැණුන් දහස් ගණනකි. ඇය තමාගේ අත්දැකීම් කැටි කොට ගත් කෘතීන් කිහිපයක්ම රචනා කරේද ඇය වැනි අමිහිර ජීවිත කරපින්නා ගත් ගැහැණුන් වෙනුවෙන්ය. සැබැවින්ම ඔප්රා පොතක් වැනිය. එය කියවා ජීවිතයට උකහා ගතයුතු ගලපා ගත යුතු බොහෝ තැන් ඇත. දුක් වෙනුවට අමාරුවෙන් හෝ සතුට ගලපා ජීවිතය දින්නනට ඇය ලෝකයට කියා දී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක