Menu

20 ට එරෙහි වු තවත් මන්ත‍්‍රීවරු තිදෙනෙකු තනතුරුවලින් පන්නයි

September 13, 2017

20 ට එරෙහි වු තවත් මන්ත‍්‍රීවරු තිදෙනෙකු තනතුරුවලින් පන්නයි

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි හා ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයකොඩි මහතා සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පත්වීම් සිදු කර තිබේ. මොවුන් තිදෙනාම පසුගිය දා 20 වන සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිතා කර තිබිණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක