Menu

ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට ඉන්දියාව සැරසෙයි !

September 13, 2017

ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට ඉන්දියාව සැරසෙයි !

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ගමන් පහසුව සඳහා සුපිරි ජෙට් යානයක් මිලදී ගත යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් ඉන්දියාවේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව සහ කාලය ඉතිරි කරගැනීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගත යුතු බව ඔහු යෝජනා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට අධික ලාභයක් ලැබීම නිසා මේ සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය තරම් මුදල් ඔවුන්සතුව ඇති බව දේව් ගේ මතයයි.

එසේම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය පෞද්ගලික පරිහරණය සදහා ගුවන් යානා මිලදී ගැනීමටද යොමු විය යුතු බව ඔහුගේ මතය වී තිබේ.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක