Menu

හිටපු විදුලිබල ඇමතිවරුන්ට වැඩ වරදින ලකුණු..ජනපතිට ලිපියක්

September 13, 2017

හිටපු විදුලිබල ඇමතිවරුන්ට වැඩ වරදින ලකුණු..ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ විශාල අර්බුද රැසක් මේ වන විට නිර්මාණය වී ඇත.එම අර්බුද හේතුවෙන් විදුලි පාරිභෝගිකයා පීඩාවට පත් වන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය චෝදනා කරයි.

මෙම විදුලි අර්බුදය පිළිබදව සොයා බැලීම රටක් වශයෙන් ඉතා ඉක්මණින් කළ යුතු වූවක් බව සඳහන් කරමින් එම ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

වැඩි මිලට පෞද්ගලික බලගාරවලින් විදුලිය ලබා ගැනීම, අසීමිත ලෙස සේවක පඩි වැඩි කිරීම, විදුලිබල මණ්ඩලයේ පවතින දූෂණ අක්‍රමිකතා, වත්මන් හා හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ හා ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව සොයා බැලීම පිළිබදව වහා සොයා බැලීමට කාලය දැන් උදා වී ඇති බව සිය විශ්වාසය වන බව එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ලිපියක් යවමින් පෙන්වා දී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක