Menu

සිම්බාබ්වේට බැටදුන් සිංහයෝ ශ‍්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට රැගෙන යති

September 13, 2017

සිම්බාබ්වේට බැටදුන් සිංහයෝ ශ‍්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට රැගෙන යති

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (12) සිම්බාබ්වේහි විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්ව විද්‍යාලයට (එන්.යූ.එස්.ටී. කණ්ඩායම) එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය බී.එම්.එස්. කණ්ඩායම ඕවර 10.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දිනුක් වික්‍රමනායක (නොදැවී 31) සහ සුපේෂල ජයතිලක (නොදැවී 15) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බී.එම්.එස්. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 25 කදී වාර්තා වූ දිනුක් වික්‍රමනායකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ තිලක්ෂ සුමනසිරි පන්දු 11 කදී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.යූ.එස්.ටී. කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108 ක් රැස්කළ අතර නායක මසින්ගායේ ඩෝලොග්වා ලකුණු 20 ක්ද, ශාඩේ‍රක් තපීවා ලකුණු 23 ක්ද රැස්කරමින් එන්.යූ.එස්.ටී. ඉනිම ශක්තිමත් කළහ.

එහිදී මනෝජ් සරත්චන්ද්‍ර, ගිෂාන් විමලධර්ම සහ කෝෂාන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් එන්.යූ.එස්.ටී. කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූහ.

අද පැවැති සෙසු තරගවලදී පාකිස්තානයේ ජින්නා රජයේ විදුහල පරාජය කරමින් දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලයද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලය පරාජය කරමින් බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයද, ඉන්දියාවේ මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල පරාජය කරමින් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

සිම්බාබ්වේ (එන්.යූ.එස්.ටී. පිල) – ඕවර 20 කදී සියලු දෙනා දැවී 108
(මසින්ගායේ ඩෝලොග්වා 20, ශාඩේ‍රක් තපීවා 23, මනෝජ් සරත්චන්ද්‍ර 4/2, ගිෂාන් විමලධර්ම 15/2, කෝෂාන් ජයවික්‍රම 21/2)

ශ්‍රී ලංකාව (බී.එම්.එස්. පිල) – ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී 134
(දිනුක් වික්‍රමනායක නොදැවී 31, තිලක්ෂ සුමනසිරි 30, ටෆාඞ්ස්වනාෂේ මක්වේනා 19/2)

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක