Menu

පළමු විස්සයි විස්ස තරගයේ ජය පාකිස්තානයට

September 12, 2017

සංචාරක ලෝක ක‍්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 20කින් ජයගැනීම පාකිස්තානු කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 198ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ලෝක ක‍්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල ලබා ගත හැකි වුයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් පමණි

ලෝක ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා සහ ඩැරන් සාමි අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් පිතිහරඹයක් දියත් කළත් එය ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් වුයේ නැත.

එහිදී තිසර පෙරේරා හතරේ පහර 03ක් සමගින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වු අතර ඩැරන් සාමි හයේ පහර 03ක් සමගින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූහ.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දැස්කම් දැක්වු සොහිල් කාන්, රමන් රයීස් හා ශඩාබ් ඛාන් කඩුලු 02 බැගින් ලබා ගත්හ

ලෝක කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කළහ.

එහිදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 08කට දවා ගැනීමට මෝර්නි මෝකල් සමත් වු අතර ඉන්පසු පිටියට එක්වු බාබර් අසාම්, අහමඩ් ශේෂාඩ් සමග එක්ව වේගවත් ලකුණු 122ක සම්බන්ධතාවක් පැවත්වීමට සමත් විය .

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ බාබර් අසාම් ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී යනවිට හයේ පහර 2ක් සමගින් ලකුණු 89ක් ලබා සිටි අතර අසාම්ට අනගි සහයක් ලබා දුන් අහමඩ් ශේෂාඩ් පන්දු 34ක් තුළ ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශොහීබ් මලික් පන්දු 20කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 38ක් රැස් කරගනිමින් පාකිස්තානු කණ්ඩායමට සාර්ථක අවසානයක් හිමි කරදිමට සමත් විය.

පන්දු යැවීමේදි ලෝක කණ්ඩායම වෙනුවෙන් මෝරකල්, බෙන් කටින්, තහීර් කඩුලු 01 බැගින් දවා ගැනීමට  සමත් විය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ක‍්‍රීඩා කල අතර එහිදී තිසර සිය පන්දුවාර 04 තුළ ලකුණු 51කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක