Menu

පාකිස්තානු ඉනිම නිමයි.. තිසරට කඩුලු 02යි.. ලෝක කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

September 12, 2017

පාකිස්තානු ඉනිම නිමයි.. තිසරට කඩුලු 02යි.. ලෝක කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

සංචාරක ලෝක කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ ලෝක කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කලා

එහිදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 08කට දවා ගැනීමට මෝර්නි මෝකල් සමත් වු අතර ඉන්පසු පිටියට එක්වු බාබර් අසාම්, අහමඩ් ශේෂාඩ් සමග එක්ව වේගවත් ලකුණු 122ක සම්බන්ධතාවක් පැවත්වීමට සමත්වුනා

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ බාබර් අසාම් ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් අතර උඩපන්දුවක් ලබාදීමෙන් දැවී යනවිට හයේ පහර 2ක් සමගින් ලකුණු 89ක් ලබා සිටියා

බාබර් අසාම්ට අනගි සහයක් ලබා දුන් අහමඩ් ශේෂාඩ් පන්දු 34ක් තුළ ලකුණු 39ක් රැස්කිරීමට සමත් වුනා

තරගයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශොහීබ් මලික් පන්දු 20කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 38ක් රැස් කරගනිමින් පාකිස්තානු කණ්ඩායමට සාර්ථක අවසානයක් හිමි කරදිමට සමත් වුනා

පන්දු යැවීමේදි ලෝක කණ්ඩායම වෙනුවෙන් මෝරකල්, බෙන් කටින්, තහීර් කඩුලු 01 බැගින් දවා ගැනීමට සමත් වුනා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ක‍්‍රීඩා කල අතර එහිදී තිසර සිය පන්දුවාර 04 තුළ ලකුණු 51කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක