Menu

ට්‍රම්ප් ලංකාව වෙනුවෙන් ගෙන ආ යෝජනාව සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි

September 12, 2017

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවලින් 92%ක් කපාහැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව එරට සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කරයි. ලබන වසර සඳහා වන අයවැය යෝජනාවක් ලෙසයි මෙම යෝජනාව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව ලොව ඇති මුහුදු මාර්ග සන්ධිස්ථාන වලින් අතිශය තීරණාත්මක එකක් බැවින් මෙරටට නිරතුරුව සහය ලබාදිය යුතු බවයි අමෙරිකානු සෙනෙට් කමිටුවේ තීරණය කර තිබෙන්නේ. මෙතෙක් ශ්‍රී ලංකාව සඳහා වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 43ක් පමණ ආධාර ලබාදෙන අතර මෙවර ඩොලර් මිලියන 3.4ක් පමණක් ලබාදෙන ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව ඉතා වැදගත් නාවික සන්ධිස්ථානයක් බැවින් සෙනෙට් කමිටුව ට්‍රම්ප්ගේ යෝජනාව ඉවත දමා තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක