Menu

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙට වැඩවර්ජනයක

September 12, 2017

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙට (13) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇත. එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් අවධාරණය කරයි. සිය වෘත්තීය ඉල්ලීම් පැහැරහැරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට කරන විරෝධයක් හා සිය ඉල්ලීම් දීනාගැනීමේ අරගලයක් හැටියට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව රන්ජන් ජයලාල් පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක