Menu

ගංවතුරෙන් පසු ඔබ මේ දේවල් ගැන දැනුවත්ද ?

September 12, 2017

මේ දිනවල රට පුරා පවතින්නෙ අයහපත් කාළගුණික තත්ත්වයක්. ඇතැම් ප්‍රදේශ ගංවතුරින් පීඩාවට පත්වෙලා. කවුරුත් දන්නවා ගංවතුරත් එක්ක අපිට සෞඛ්‍යමය ගැටලු රැසකට මුහුන දෙන්න සිදුවෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි ගන්නා ආහාර සම්බන්දයෙන් විශේෂ අවදානයක් යොමු කල යුතු වෙනවා.
සාමාන්‍යෙන් අපි දන්නවා ගංවතුර තත්ත්වයකදී ජලය ගලා යෑමක් සිදු වන්නේ නැහැ. එකම තැන රැදී තිබෙන ජලය තුල මල අප ද්‍රවය, බැක්ටීරියා, රසායනික ද්‍රව්‍ය. තෙල්වර්ග ආදී. මිනිස් පැවැත්මට අහිතකර බොහෝ දෑ අන්තර්ගත වෙනවා. මෙවන් අහිතකර දෑ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ ආහාර වලට එකතු වෙන්න පුලුවන්. එවැනි දෑ ආහාරයට මුසු වීමෙන් පාචනය, උණ,වමනය, බඩේ අජීර්ණ, කොලරාව වැනි බෝවන රෝග වැලදෙන්නට පුලුවන්.

ඒ වගේම ගංවතුර ත්ත්වයන්ට මුහුන දුන් ප්‍රදේශ වල වැවෙන. එලවලු පලතුරු බොහෝ විට විනාශ වී යනවා. නමුත් විනාශ නොවුනු ඇතැම් එලවලු පලතුරු සහ කොල වර්ග වෙලදපලට පැමිනීමේ ඉඩකඩක් තිබෙනවා එම නිසා එවන් දෑ මෙවන් ස්වබාවික විපත් සිදු වී ඇති අවස්තාවන්හි මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු දේවල් බොහෝයි.

ගංවතුර තත්වයක් ඇති කාලවලදී පලා වර්ග වෙලදපලවල් වලින් මිලදී ගැනීම අවම කරන්න.

තැලුණු පොඩිවුනු එලවලු පලතුරු මිලදී ගැනීමෙන් වලකින්න.

එලවලු පලතුරු. මත මඩ පැල්ලම් ඇත්නම් සැලකිලිමත් වෙන්න.

පලතුරු පොතු ඉවත්කොට ආහාරයට ගන්න.

එලවලු හොදින් ලුනුවතුරේ දමා සෝදා පිස ගන්න.

වතුර බෝතල් මිලදී ගන්නාවිට ප්‍රමිතියෙන් යුතු විස්වාසවන්ත තැන්වලින් මිලදී ගන්න.

සාමායෙන් ගංවතුර ඇති ප්‍රදේශ වල විදුලිය විසන්දීවීම් සිදු වෙනවා. එනිසා ශීතකරන පවා අක්‍රීය වන බැවින් මස් මාලු වැනිදෑ මිලදී ගැනීමේදි සැලකිලිමත් විය යුතුය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක