Menu

‘ඔන්න සිල් රෙදි ගැලවෙනවා.. ‘සිල් රෙද්දක් ඇදගෙන, නලලේ අංකයක් අලවාගෙන දකුණු පළාත්සභාවට පැමිණි මන්ත‍්‍රී මෙන්න

September 12, 2017

සිල් රෙද්දක් රැගෙන නලලේ අංකයක් අලවාගෙන පලාත්සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා දකුනු පලාත් සභා රැස්වීමට පැමිණ තිබේ

දකුණු පලාත් සභාවේ සභාපති සම්පත් අතුකෝරල මහතාගෙ ප්‍රදානත්වයෙන් පලාත් සභාව රැස්වූ අතර එහිදි ජනතා විමුක්ති පෙරමුනේ පලාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා වත්මන් රජයේ බදු පනතට විරෝදය පෑවේය.

එම අවස්තාවෙදී අසල සිටි චන්න සාලිය මන්ත්‍රීවරයා තමන් ගෙනා සිල් රෙද්ද අදින්නට උත්සහ කල අතර සෙසු මන්ත්‍රීවරුන් එයට සහයෝගය දැක්වූහ.

මන්ත්‍රීවරයා සිල් රෙද්ද පැලදගෙන බදු පනතට අදාල යෝජනාව සම්බන්දයෙන් අදහස් දක්වමින් සිටියදී ඔහුගේ සිල් රෙද්ද සභාව මැද බිමට පතිත වී තිබේ. එය දුටු එක්සත් ජාතික පක්ෂ පලාත්සභා මන්ත්‍ චන්දන ප්‍රියන්ත පැවසූයේ ඔන්න සිල් රෙදි ගැලවෙනවා  යනුවෙනි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක