Menu

ගෙදරට ප්‍රථමාධාර පෙට්ටියක්

September 12, 2017

ගෙදර දොරේ නොයෙකුත් වැඩරාජකාරී අතරතුර කාට වුනත් පුංචි පුංචි අනතුරු කරදර වෙන්න පුලුවන්. ඔබේ ගෙදර පුංචි දරුවන් ඉන්නවා නම් මෙවැනි දේවල් සම්බන්දයෙන් ඔබට ඕනෑ තරම් අත්දැකීම් ඇති. මේ සියල්ල්ටම වඩා පෙර සූදානම හොද නිසා විවේක තියෙන වෙලාවට ගෙදරට පුංචි ප්‍රථමාධාර පෙට්ටියක් හදාගත්තොත් ගොඩක් හොදයි. මේ වනවිටත් ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම් අපි සූදානම් බොහොම පිලිවෙලට එය නිර්මානය කරගන්න ආකාරය කියලා දෙන්න. අපි දන්නවා අපිට සිදු වෙන සුලු සුලු අසනීප තත්වයන් වලදී වගේම සුලු අනතුරු වලදී රෝහල් කරා යන්න අවශ්‍යවන්නේ නැහැ. ඒවගේ අවස්තාවකදි ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදරම තිබුනොත් වඩාත් හොදයි.

ප්‍රථමාධාර පෙට්ටිය සෑදීම සදහා අපි මුලින්ම ඊට ගැලපෙන පෙට්ටියක් හෝ බෑගයක් තෝරාගන්න ඕනා. සාමන්‍යෙන් වර්ණ ගැන කතා කරනකොට සුදු පාට පෙට්ටියේ කොල පාට කුරුසය තමා පිළිගත්තු වර්ණ බවට පත්වෙන්නෙ. මතක තියා ගන්න මේ පෙට්ටිය තුලට කිසි සේත්ම කෘමි සතුන්ට රිංගා යන්න වගේම වතුර කාන්දු වෙන්නත් ඉඩ තියන්නෙපා. මොකද මේක ඇතුලේ ඔබ අසුරන්නෙ බෙහෙත් ද්‍රව්‍යනේ.ඒ විතරක් නෙමෙයි ගෙදර ඉන්න පුංචි දගයන්ට අල්ලන්න සහ නිතර නිතර විවෘත කරන්න බැරි විදිහටයි මේක සවිකරන්න වෙන්නෙ. මේ විදිහට ගැලපෙන ස්ථානයක් මේක සවි කරගත්තාට පසුව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සහ ඇසුරුම් පමණක් එහි තියාගන්න ඕනා. මොකද ගොඩක් බෝතල් ප්ලාස්ටික් කප් වගේ දේවල් මේකෙ පුරවගත්තොත් බර වැඩි වෙලා කඩා වැටෙන්න ඉඩතියෙනවා විතරක් නෙමෙයි හදිස්සිටකදි පැනඩෝල් පෙත්තක්වත් හොයාගන්න බැරිවෙනවා. බෙහෙත් වර්ග අසූරාගත්තු ප්‍රථමාධාර පෙට්ටිය උනුසුම් ස්ථානයක තියන්නත් එපා නිතරම පිරිසිදුව තියාගන්න එකත් ඔබේ වගකීමක්. ඒ වගේම කල් ඉකුත් වුනු බෙහෙත් වර්ග තියෙනවා නම් ඒවාත් වහාම ඉවත් කරලා අලුතින් බෙහෙත් ගෙනත් තැබිය යුතුයි.

අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය –
සර්ජිකල් ස්පිරිට් බෝතලයක්
ඩෙටෝල් වැනි විෂබීජ නාශකයක්
හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ්
බෙටලින්
වේදනා නාශක පෙති
ජීවනී පැකට් දෙක තුනක්
ග්ලූකෝස්
වෙදනා නාශක ආලේපන ප්ලාස්ටර්
ගෝස්
බැන්ඩේජ්
පුලුන්
කතුරක්
අත්වැසුම් හා මුව ආවරන
වෛද්‍ය උපදෙස් අනුව ලබාගත්
උදරාබාද වලට දෙන බෙහෙත් පෙති කීපයක්,
බඩේ ආම්ලිකතාව නැති කරන පෙති හෝ සිරප් වර්ග
ආහාර අසාත්මික වූ විට ලබ ගත හැකි පිරිටන් වැනි පෙති වර්ගයක්

මෙන්න මේ විදිහට අවශ්‍ය බෙහෙත් වර්ග ටික බොහොම පිරිසිදුවට පිලිවෙලට හුලන් නොවැදෙන ආකාරයට බෝතල්වල දාලා අසුරගත්තට පස්සෙ ප්‍රථමාධාර පෙට්ටියට එකතු කරගන්න පුලුවන් මෙවැනි ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදර තියෙනවා නම් පොඩි ඔලුව කැක්කුමකටත් වේදනා නාශකයක් ගන්න ෆාමසියකය යන්න ඕන වෙන එකක් නෑ.

ඉතින් තවත් කල් දාන්නෙ නැතිව අදම ප්‍රථමාධාර පෙට්ටියක් ඔබේ ගෙදරටත් එකතු කරගන්න.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක