Menu

‘මේක කලේ කවුරු උනත් ඒකට විරුද්ධව මම ක‍්‍රියාමාර්ග ගන්නවා..අවුරුදු එකහමාරකින් ක්‍රිකට් ගැහුවෙ නෑ..’තරග පාවාදුන් සිද්ධියේ ඇත්ත නැත්ත සචිත‍්‍ර මුල්වරට හෙළිකරයි

September 12, 2017

පසුගිය වසරේ පැවැත්වුණු ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රි ලංකා පිලේ සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බව කියන සිද්ධියක් මේ වන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ ක්‍රීඩකයන් තිදෙනා වන්නේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා.

මෙහිදි සචිත්‍ර සේනානායක තරගාවලිය අවසානයේදී ජපාන සංචාරයක නිරත වුණු බවත් එහිදි තරග පවා දීමට සම්බන්ධ වූ ඒජන්තවරයා සචිත්‍රට ජපානයේදී මුදල් ලබා දුන් බවත් එම පුවතේ සඳහන් වනවා.

මෙම තරග පාවා දීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් හිරු ගොසිප් වෙත අදහස් දක්වා තිබුණා

එම අදහස් පහතින්..

‘මම අවුරුදු එකහමාරකින් ක්‍රිකට් ගැහුවෙ නෑ,. මම දන්නෙ නෑ මේ විදිහට චෝදනා කරන්නෙ කවුද කියලා. ඒ සියලුම චෝදනා බොරු. ඇත්ත කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් සාක්ෂි එක්ක ඔප්පු කරන්න. වචන වලින් කියන්න එපා. මට ආරාධනාවක් ලැබුණු නිසා මම ජපානයට ගියා. ඒකට අවශ්‍ය ලියකියවිලි ඔක්කොම මං ගාව තියෙනවා. ඕන වෙලාවක ඒක ඔප්පු කරන්න පුළුවන්. පැත්තක ඉන්න මිනිස්සුන්ට කට කතා හදන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මේක කළේ කවුද කියලා හොයපු ගමන් ඒකට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙද්දිත් ඒක කළේ කවුද.. මොන හේතු පදනම් කරගෙනද ඒ චෝදනා කරන්නෙ කියලා කරුණු හොයනවා. ඒ වගේම ක්‍රිකට් බෝඩ් එකත් මම දැනුවත් කරනවා. මේක බොරු කියලා මම ඔප්පු කරනවා. “

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක