Menu

දරුවා එක්ක දුරක යනවා නම් මේ දේවල් ඔබේ ගමන් මල්ලේ තියාගන්න

September 12, 2017

පුංචි දරු පැටවුන් සිටින මවක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි..විශේෂයෙන් දරුවාත් සමග දුර ගමනක් යන්න සිදු උනොත් අපහසුවෙන් තොරව ඒ ගමන යන්න නම් මෙන්න මේ දේවල් ඔබේ ගමන් මල්ලට එකතු කරගන්න.

උණු කර නිවාගත් වතුර අඩංගු බෝතලයක්

දරුවාට හැකි සෑම විටම වතුර ලබා දීමට මව්වරු උනන්දු විය යුතු අතර.ඒවා සෑම විටම නිවස තුල උතුරවා නිවා ගත් ජලය විය යුතුය.වෙලදසැළ් වලින් මිලදී ගන්නට සිදුවන ජල බෝතල් වල ප්‍රමිතිය ගැන සහතික වීමට නොහැකි බැවින් ගමන් බෑගය තුල සෑම විටම පිරිසිදු වතුර බෝතලයක් තිබීම වැදගත්ය.

නිවසේදී සකසා ගත් ආහාර

 

 

 

 

 

 

 

පිටතින් ගන්නා ආහාරවල පවිත්‍රතාව ගැන ඔබට වගකීමක් ගන්නට නොහැකි බැවින් නිවසේදී සාදා ගත් ආහාරයක් දුර ගමනේදි එක් කරගැනීම යහපත්ය.වෙලදසැල් වල තිබෙන ආහාර ඔබට සෞඛ්‍යමය ගැටලු ඇති නොකලද ඔබේ කුඩා දරුවාට එවා ඔරොත්තු නොදීමට පුලුවන.ඇතැම් විට එවන් ආහාර නිසා උදරාබාද ආසාත්මිකතා වැනිදෑ ඇතිවීමට ඉඩ ඇත.බිස්කට් කිහිපයක්,බිත්තර මාලු වැනි පිරවුමක් යෙදූ පාන් පෙති කිහිපයක් ඔබට පහසුවෙන් සකසා ගමනට එකතු කර ගත හැකිය.

අමතර ඇදුමක් දෙකක් හා අමතර යට ඇදුම්

නිරන්තරයෙන් පුංචි දරුවන් යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන බැවින් දරුවාගෙ ඇදුම් අපවිත්‍රවීමේ ඉඩ කඩ වැඩිය.ඇතැම් විට ගන්නා ආහාර තැවරීමෙන් පවා ඒවා කිලිටි විය හැකිය.ඊට අමතරව යට ඇදුමක් දෙකක් රැගෙන යාමද වැදගත්ය. ගමන් අතරතුර දරුවා පවිත්‍ර කිරීමට අවශ්‍ය වෙට් ටිශූ .අමතර තුවාටක්.ඩයපර් කිහිපයක් හා ඉවත් ලන දෑ බැහැර කිරීමට ශොපින් බෑග් කිහිපයක් තිබීමද අවශ්‍යවේ.

වේදනා නාශක හා බෙහෙත්

 

 

 

 

 

දරුවාට ගමන් විඩාව නිසා හිසේ වේදනා උණ ආදි රෝග ලක්ෂණයන් පහල වීමට ඉඩ ඇති හෙයින් ලමා පැනඩෝල් පෙති හෝ දියර සහ උදරයේ වේදනා සමනයට සමත් සිරප් වැනි දෑ රැගෙන යා යුතුය.

අව් ආවරන ..

 

 

 

ඔබ යන්නේ ඉතා දැඩි අවුරශ්මිය ඇති පෙදෙසකට නම් මතක ඇතිව තොප්පියක් වැනි දෙයක් බෑගයට දමා ගත් යුතුය. කුඩයක් හා අත් දිග ඇදුමක්ද තිබීම වැදගත්‍ය සීතල පරිසරයක් නම් ජර්සියක්.පැනල් රෙද්දක්. මේස් ජෝඩුවක් වඩාත් ගැලපේ.

මදුරු ආවරණයක්

සමහර්විට ඔබ යන ස්තානයෙහි මදුරු ආවරණයක් (නෙට්)එකක් නොතිබීමට පුලුවන.එනිසා බෑගයේ අසුරා ගත හැකි මදුරු ආවරනයක් එසේත් නැතිනම් දරුවාගේ ශරීරයේ ආලේප කිරීමට සුදුසු මදුරු නාශක ආලේපනයක් හෝ වේපරයිසරයක් රැගෙන යා යුතුය.

මෙවන් දෑ සමග පෙර සූදානම්ක් ඇතිව ගමන යන්නට හැකිනම් ඔබටත් දරුවාටත් එය ඉතා පහසු ගමනාන්තයක් වනු ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක