Menu

ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..

September 12, 2017

ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පොදු සමාවක් ඉල්ලීමට තමාගේ කිසිදු අදහසක් නැති බව පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන්ට සුදු රෙදි බෙදා දීම සම්බන්ධයෙන් මේ වන විට වැරැදිකරු වී වසර 3ක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිකුරාදා (8දා) දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම, සිසිර ජයකොඩි, බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග. මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් හිටපු ජනාධිපති ලේකම්වරයා මුණ ගැසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ‘මේ සම්බන්ධයෙන් මේ වන විට මුළු රාජ්‍ය සේවයම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බැවින් යම් හෙයකින් ජනාධිපති පොදු සමාව ලැබුණොත් එය භාරගැනීමට කටයුතු කරන්නේ දැයි, හිටපු ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව ඒකාබද්ධ විපක්ෂයේ එම මන්ත්‍රිවරුන් වෙත ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා  කියා සිටියේ ජනාධිපති පොදු සමාව ලබාගැනීම සඳහා තමාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ යුතු බවත් එය සිදුකිරීමට තමන්ගේ කිසිදු කැමැත්තක් නැති බවට හිටපු ලේකම්වරයා ප්‍රකාශ කළ බවත්ය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක