Menu

ඉම්රාන් තහීර්ගේ තැන ජීවන් මෙන්ඩිස්ට

April 27, 2017

ජාත්‍යන්තර තරඟ 70 සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවසථාව ලබාගත් තුන් ඉරියව් ක්‍රීඩක ජීවන මෙන්ඩිස්ට මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුනේම නැති තරම්ය.

කෙසේ නමුත් වයස 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවදියේ සිටම ඔහුගේ දක්ෂතා කෙරෙහි ක්‍රිකට් ලෝකයම මහත් බලාපොරොත්තු තබාගෙන සිටියද ඔහු සතු හැකියාවන්ගෙන් නිසිලෙස ප්‍රයෝජනයක් ගත්තේද යන්න ප්‍රශ්නයකි.

බංගලාදේශ ප්‍රිමියර්ලීග් තරඟාවලියේ සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දක්ෂතා දැක්වූ ජීවන් මේ වසරේ එංගලන්ත පළමුපෙළ එක්දින තරඟාවලියේදී ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනට කිරීමේ අවස්ථාව ලැබී ඇත.

ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කරන ඉම්රාන් තහීර් දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායම සමඟ එක්වීම නිසා  ජීවන් ට මෙම තරඟ මාලාවේ වැඩි තරඟ ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.

-cricketlanka

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක