Menu

සුදු කෙස් කලු කරනවාද එහෙනම් මේ ගැනත් හිතන්න

September 11, 2017

දවසින් දවස වයසට ගියත් අපි කවුරුත් තරුණ පෙනුම රැකගන්න කැමතියි. ඒ නිසා තමයි සුදු පැහැ කෙස් ගසක් දුටු පමණින් අපි නොඉවසිල්ලට සහ කණගාටුවට පත් වෙන්නෙ.හැබැයි ජීව විද්යාත්මකව සිදු වෙන ඇතැම් දේවල් නවත්තන්න අපිට හැකියාවක් නැත්ත තාවකාලික පුලියමකින් ඊට විසදුමක් සොයා ගන්න පුලුවන්..ඒ නිසා තමයි අපේ අය කොන්ඩෙ සුදු උනාම ඒවා කලු කරන්නෙ. ඒ කියන්නෙ ඩයි කිරීම. අතීතයේ නම් බොහෝ දෙනෙක් තමන්ගෙ හිස කෙස් කලු කරගන්න පාවිච්චි කරේ ස්වභාවික ක්‍රමවේදයන්.හෙනා භාවිතය ඉන් ප්‍රදානයි.නමුත් ඉන් කොන්ඩයට එකතු වන අකීකරු ස්වභාවය සහ පිම්බුන පෙනුම නිසා හෙනා කිරීම ක්‍රමයෙන් ප්‍රතික්ශේපවී තිබෙනවා.

නව තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුනුව සමග කෙස් වර්ණ ගැන්වීමේ නොයෙකුත් ආලේපන වෙලදපොල වෙත පැමිණ තිබෙනවා.ලේසිය සහ පහසුව ගැන සිතා ඒවා මිලදී ගත්තත් ඒවාහි ප්‍රමිතිය සහ ගුණාත්මකබව ගැන සොයා බැලිය යුතුය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

සාමන්‍යෙන් සුදු කෙස් කලු පැහැ කිරීම සතියකට කිහිප වතාවක් කිරීමට සිදුවන නිසා එම රසායනික ද්‍රවයන් නිතර නිතර සම මත ගැටීමක් සිදුවෙනවා.එම නිසා එවන් නිෂ්පාදන මිලදී ගැනීමේදී එහි ඇතුලත් රසායනික ස්ංයුතීන් පිලිඹද දැනුවත් වීම වැදගත්‍ය. ඔබ මිලට ගන්නා ඩයි පැකට්ටුවේ කිසි විටෙක PPB ඇමෝනියා අඩංගු විය යුතු නැත.මන්ද්‍යත් ඉන් සමේ අසාත්මිකතාවන් ඇති විය හැකි බැවිනි. එසේම කුඩු ලෙසින් ඇති ඩයි වර්ග මිලදී ගැනීමද අවම කල යුතුය.ජලයෙන් දියකරගත් ඩයි කුඩු ආලේප කිරීම සුදුසු නැත. මන්ද්‍යත් ඇතැම් ඩයි කුඩු වර්ග ඔක්සිඩයිසීන් නොවන නිසා ඒවාහි විවිද අහිතකර ලෝහ සංයුතීන් තිබිය හැකිය.ඒවා ජලයේ දියවී ප්‍රතිකිරියා කිරීම අයපත් ප්‍රතිපල ගෙනදීමට සමත්‍ය. එනිසා හැකි සෑම විටම උසස් ප්‍රමිතියෙන් යුතු වඩාත් හොද සහ විස්වාසවන්ත වෙලද නාමයක් යටතේ ඇති ට්‍යුබ් වල බහා ඇති දියරමය ඩයි වර්ග මිලදී ගන්නට උත්සුක වන්න.

ඩයි ආලේප කිරීමේදි ඔබේ සමට එය අසාත්මිකද දැන ගැනීම සදහා කන පිටුපස තවලා ටික වේලාවක් සිටින්න.එම ස්තානය රතු වී කසන්නට වේ නම් එම ඩයි වර්ගය ඔබට සුදුසු නැති බව වටහාගන්න. එසේම හිසේ සම මත තුවාල සීරීම් සිදු වී ඇත්නම් ඩයි තැවරීම සුදුසු නැත.හිස් කබලේ නොවැදෙන ආකාරයෙන් ඩයි ගල්වා ගත යුතුය. වර්ණ ගැන්වීමෙන් ඇනතුරුව දැඩි අවු රශ්මියට නිරාවරනය වීම නොකල යුතුය.මුහුදේ ස්නානය කිරීම ආදියද නොකල යුතුය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක