Menu

කාර් එකේ ගිහින් වස්ති වීඩියෝ, DVD කර පිටකොටුවට වික්ක අයට අනුෂ්ක දීපු පට්ට ටෝක් එක මෙන්න

April 9, 2017

ලංකාවේ තාරුණ්‍ය වැඩි වශයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්නේ සමාජ ජාලා සහ යූ ටියුබ් එකයි. මොකද එක හෙතුවක්නම් විශාල පිරිවැයක් යෙදවීම අනවශ්‍යවීමත්, අනිත් අතින් ඉක්මනින් , පහසුවෙන් තම දක්ෂතා වැඩි දෙනෙකු වෙත ගෙනයාමටත් හැකියාව ඒවා සතු වීමයි.
මේ පහසුකම් නිසා රටවටේ ඉන්න හැමදෙනාම, එක එක “කෝලම්” කරන්නන් වාලේ කරන්න පටන් අරගෙන. එත් ඉතින් තමන්ට කියල අනන්‍යතාවක් හදාගන්න හැමෝටම බැරිවෙලා. කොහොම වුනත් මේක ඇතුලේ තමන්ගේම අනන්‍යතාව සටහන් කරගත්ත කිහිප දෙනෙක්ම ඉන්නවා.

ෆේස් බුක් එකේ සහ You tube එකෙන් වෙනස්, අලුත් දේ කරමින් විශාල රසික පිරිසක් තමා වටා එක්කරගන්නට ඔවුන් සමත්වී තියෙනවා. ඒ ඔවුන් සතු විශේෂ හැකියාව සහ අපරිමිත උත්සාහයක ප්‍රතිපල විදිහටයි.
ඔයාලත් දන්නවනේ එහෙම වෙනස්ම වැඩක් කරලා ලංකාවේ ප්‍රසිද්ධ වුනු “වස්ති ප්‍රඩක්ෂන්” හි “අනුෂ්ක” සහ “දුලාජ්” කියන්නෙත් එහෙම දෙන්නෙක්. ඔවුන්ට මේ තත්වයට එන්න ලොකු සල්ලියක් තිබුනේ නැහැ. මහා ආර්ථිකයක් තිබුනේ නැහැ. අතින් වියදම් කරගෙන , හරියට කෑමක් බීමක් නැතිව, විවිධ පර්යේෂණ, අත්හදා බැලීම් කරලා, අමාරුවෙන් තමාගේ අනන්‍යතාවයක් හදාගත්ත අය.
“වස්ති” කා අතරත් ඉක්මනට ජනප්‍රිය වුනා, එහෙත් ඔවුන්ට තවමත් ස්ථිර, මහා මුල්‍ය ශක්තියක් නැහැ. වීඩියෝ එකක් කරලා එලියට දාන්න කන කට්ට යූ ටියුබර් කෙනෙක් හොඳින් දන්නවා.
එහෙත් වස්ති අනුෂ්ක තම ෆේස්බුක් පිටුවට එකතු කර තිබු කෙටි සටහනක මහා ලොකු කතාවක් සටහන් වෙලා තිබුනා. ඒ කතාව තුල වචන දහසකින් කිව නොහැකි, පැය ගණනක වීඩීයෝවකින් පැහැදිලි කල නොහැකි ඔවුන්ගේ යතාර්ථය සටහන්ව තිබුනා.
කොළඹ කොටුවේ රුපියල් සියයක මුදලට වස්තිලාගේ කට්ට කාල , දුක් විඳලා සෑදු වීඩියෝ එකතු විකුනන්න දාලා. අපේ රටේ කොටුව ප්‍රධාන කරගත්ත CD ජාවාරම් කාරයෝ සියලු කළා කරුවන් විකුණා කන හැටි රහසක් නෙවෙයි. ඔවුන් යහමින් මුදල් හම්බකරන්න මොවුන්ගේ දක්ෂකම නොමිලේම, කිසිඳු අවසරයකින් තොරව , බලෙන් විකුණන හැටි හරිම හිරිකිතයි. මොකද වස්තිලා රටම හිනස්සන අතරේ කන කට්ට ගැන දන්නේ පොඩි පිරිසක්.

කෙසේ වෙතත් වස්ති වෙනුවෙන් ඔවුන් වටා සිටින රසික පිරිස සහ ඔවුන්ට ශක්තියක් වූ වෙබ් අඩවි , ෆේස්බුක් page සෑම විටම පෙනී සිටිනු ඇති…
අද වස්තිලාට සිදුවන දෙය හෙට “ගප්පියාට” “නව්රන්ට” “පොඩ්ඩට” චනුක්ස් ලට සිදුවනු නියතයි. සමාජ ජාලා හරහා මෙවැනි දක්ෂයින් වෙනුවෙන් හඬ නැගීම අප කාගේත් යුතුකමකි. මන්ද හෙට දවසේ අප සියලුදෙනාට රසවිඳීමට , දැනුම ලබාගැනීමට සිටින ඔවුන් සූරා කන්නන්ගෙන් බේරාගත යුතුය.

රුපියල් 100ට කොළඹ කොටුවේ විකුණන “වස්තිලගේ” CD දැකල අනුෂ්ක තම ෆේස්බුක් පිටුවේ දැමු සටහන පහතින්.

දවස් ගනන් concept හිතලා ., රෑ එලිවෙනකන් script ලියලා shoot එකේ පානුයි පරිප්පුයි කාල ., කට්ට අව්වේ වතුරක් උගුරක් නැතුව.., දවස් ගනන් අමිල මල්ලී එක්ක මේවා Edit කරලා Upload කලේ ඔයාට රුපියල් 100 ට “වස්ති” විකුනගෙන කන්න තමයි මහත්තයෝ..!! මේ DVD පිටකොටුවේ කඩවලට බෙදන්න ඔයා වාහනේ යනකොට මම තාමත් ඊලඟ “වස්ති” episode එක Edit කරන්න බස් එකේ ගෙදර එන ගමන්…!! ස්තූතියි.

 

වැඩිපුරම කියැවූ පුවත්