Menu

‘බ‍්‍රාවෝ’ගේ කණ්ඩායම යලි කුසලානය උස්සයි – ‘සංගා’ටත් ඉහළ තැනක්

September 10, 2017

‘බ‍්‍රාවෝ’ගේ කණ්ඩායම යලි කුසලානය උස්සයි – ‘සංගා’ටත් ඉහළ තැනක්

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන අදියරේ ශූරතාවය හිමිකර ගැනීමට ඩ්වේන් බ‍්‍රාවෝගේ නායකත්වයෙන් යුත්  Trinbago Knight Riders කන්ඩායම අද සමත් වුනා.ඒ අවසන් මහා තරගයේදී ක‍්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුත් St Kitts & Nevis Patriots  කණ්ඩායම කඩුලු 03කින් පරාජය කිරීමෙන්.

නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් කණ්ඩායම තම පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලබාගත්තේ ලකුණු 136ක් පමණි.කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුනු ලාභියා වු කාලෝස් බාර්ත්වෙයිට් නොදැවී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වු අතර සෙසු පිතිකරුවන්ගෙන් ලකුනු 20 සීමාව පසු කිරීමට සමත් වුයේ  ජොනතන් කාටර් පමණි.

අවසන් මොහොතේ පිටියට පැමිණි මොහොමඩ් නබී කිට්ස් කණ්ඩායමට යමි අස්වැසිල්ලක් ගෙන දෙමින් ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වු අතර ඔහු පන්දු පහකදී හයේ පහර දෙකක් හා එක් හතරේ පහරක් සහිතව ලකුනු 18ක් ලබා ගැනීම සමත් විය.

එහිදී නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වු කෙවින් කෙවින් කූපර් කඩුලු 02ක්ද ජෙවොන් සීලර් කඩුලු 02ක්ද ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නයිට් රයිඩර් කණ්ඩායමට ද තරඟය ජයගැනීමට ශාන්ත කිට්ස් පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වුවද කොලින් මුන්රෝ ,දිනේෂ් රාම්දීන් සහ කෙවින් කුපර්ගේ දක්ෂතා හමුවේ තරඟය කඩුලු 3කින් ජය ගැනීමට නයිට් රයිඩර් ක්‍රීඩකයන් සමත් විය.පන්දු යැවීමේදී කොට්‍රෙල්,හෆීස් සහ ශාමි කඩුලු 2 බැගින් බිඳ දැමීමට සමත් විය.

අවසන් තරඟයේ වීරයා බවට පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දැක්වූ කෙවොන් කුපර් සමත් විය.

එම ජයත් සමගින් නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙම ශූරතාවය දිනාගත් දෙවන අවස්තාව ලෙස ඉතිහාසයට සමත් එක්විය.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියා බවට පත්වුණේ ගයනා කණ්ඩායම නියෝජනය කල වෝල්ටන්ය.ඔහු තරඟ 12 කදී ලකුණු 458 ක් ලබා ගැනීමට සමත් විය.

මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාබීන් අතර දෙවන තැන ගැනීමට ජැමෙයිකා තල්වාස් කණ්ඩායම නියෝජනය කල කුමාර සංගක්කාර සමත් වුනේ තරඟ 11 කදී ලකුණු 379 ක් ලබා ගනිමිනි.

කඩුලු ලාබීන් අතර පළමු තැනට පත්වුණේ ගයනා කණ්ඩායමේ සොහෙල් තන්වීර් වන අතර ඔහු තරඟ 12 කදී කඩුලු 17 ක් දවාගත් අතර දෙවන තැනට පත්වූ Dj බ්‍රාවෝ කඩුලු 16ක් දවා ගැනීමට සමත් විය.

 

තරඟයේ ලකුණු පුවරුව..

 

ST KITTS AND NEVIS PATRIOTS 135/6(20 OVERS)

 

TRINBAGO KNIGHT RIDERS 136/7(19 OVERS)

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක