Menu

‘ශ්‍රීලනිප කිසිවකුට ස්වාධින වෙන්න දෙන්නෙ නෑ..ඉන්න බැරිනම් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වෙන්න’

September 10, 2017

‘ශ්‍රීලනිප කිසිවකුට ස්වාධින වෙන්න දෙන්නෙ නෑ..ඉන්න බැරිනම් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වෙන්න’

ආණ්‌ඩුවේ ඇමැති ධුර නියෝජ්‍ය ඇමැති ධුර සහ රාජ්‍ය ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට ආණ්‌ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා නොදීමට එම පක්‍ෂය තීරණය කර ඇති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ සති අන්ත පුවත් පතකට පවසා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා තිබෙන අතර එම ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගන්නා වූ තීන්දු තීරණවලට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තීරණ අනුව කටයුතු කිරීමට නොහැකි නම් පක්‍ෂයෙන් සහ ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට හැකි යෑයි ද වැඩිදුරටත් පවසා ඇත.

-දිවයින පුවත්පත

 

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක