Menu

‘කෝලිට විතරද පුලුවන්..’ දික්වැල්ල චෝදනා වලට පිළිතුරු දීලාද ?

September 10, 2017

පසුගිය සම‍යේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට රසිකයන්ගෙන් හා හිටපු ක්‍රීඩකයන් ඇතුලු පිරිසෙන් විවිධ චෝදනා එල්ල වූවා . එම චෝදනා අතර ක්‍රීඩකයන්ගේ කැපවීම හා උත්සාහය අවම යැයිද සදහන් වූවා.

නිරෝෂන් දික්වැල්ල යනු මෙලෙස රසිකයන්ගෙන් හා නිළධාරීන්ගෙන් චෝදනා එල්ල වු ක්‍රීඩකයන් අතර ප්‍රමුඛ ක්‍රීඩකයෙක්.

ඒ අතර ශ්‍රී ලංකා ඉන්දීය සම්පූර්ණ තරගාවලිය අවසානයේ නැවත ඉන්දියාවට ගිය විරාත් කෝලී සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළ කල ඡායාරූපයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් අතර කතා බහට ලක් වූවා.එහිදැක්වූයේ විරාත් කෝලී ශාරීරික සුවවතා මධ්‍යස්ථානයකට (ජිම්) වී ව්‍යායාම කරනු අයුරුයි. කෝලීගේ මෙම කැපවීම සමාජජාලා මාධ්‍යවලදී ශ්‍රී ලාංකේය රසිකයන් අතර ප්‍රශංසාවට ලක්ව තිබුනා.

කෙසේ වෙතත් ඉන්පසුව නිරෝෂන් දික්වැල්ලද සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට අපූරූ ඡායාරූපයක් එක්කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ , එහිදි දැක්වෙන්නේ දික්වැල්ල ජිම් එකකට ගොස් සිටින අයුරුයි.

නි‍රෝෂන් දික්වැල්ල ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළකල එම ඡායාරූපය පහතින්

ඉන්දීය නායක විරාත් කෝලි ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළකල  ඡායාරූපය පහතින්..

-නෙත් ගොසිප්

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක