Menu

ක‍්‍රීකට් නීති වෙනස් වෙයි.. ක‍්‍රිකට් පොතට එන අලුත්ම නීති ටික මෙන්න(PHOTO)

September 10, 2017

ක‍්‍රීකට් නීති වෙනස් වෙයි.. ක‍්‍රිකට් පොතට එන අලුත්ම නීති ටික මෙන්න(PHOTO)

සැප්තැම්බර් 28වනදා සිට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව සදහා නව නීති 04ක් හදුන්වාදීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි.

එම නව නීති ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව අතර සැප්.17 ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා බලපෑමක් නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් දක්වයි

1.ක‍්‍රිකට් පිත්තේ ප‍්‍රමාණය

පිතිකරුවන් භාවිත කරන විවිධ පිති වෙනුවට ප්‍රමිතියෙන් යුතු එකම පිත්තක් හඳුන්වාදීමටද නියමිත අතර, ඒ අනුව මිලිමීටර් 108 පළලකින්,දාරය 40mm හා මිලිමීටර් 67ක උසකින් යුත් පිති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමට නියමිතය.

 

 

2.Run Out Rule

ක්‍රීඩකයන් දුවද්දී දැවී යද්දී ඔහු සීමා ඉරට එහා පිත්ත තැබූ අවස්තාවක එය එක් වරක් සීමා ඉරට ඉහළින් බිම පතිත නැවතත් වී ඉහළට එස වුණත් එම අවස්ථාව නොදැවුණ අවස්ථාවක් ලෙස නම් කිරීමටත් නියමිතය.

 

3.රතු කාඩ් පත්

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට හාඑක් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබාදීමටත් විනිසුරන්ට අවස්ථාව ලැබී තිබේ.

 

4.අලුත් DRS නීතිය 

 

වත්මන් නීතිය අනුව  විනිසුරුවරයාගේ තීරනයට DRS තීරණය සමාන විටකදී කණ්ඩායමක් Review ගත් විට එම Review අවස්ථාව එම කණ්ඩායමට අහිමි වෙයි.
නමුත් අලුත් නීතයට අනුව එසේ එම Review අවස්ථාව අහිමිනොවෙයි.

එසේම ටෙස්ට් තරගයකදී පන්දුවාර 80කට පසුව නැවතත් Review අවස්ථා දෙකක් ලැබුනත් අලුත් නීතය අනුව එම අවස්ථා දෙක අහිමි කර තිබේ .ඒ අනුව එක් ඉනිමකදී කන්ඩායම හිමිවන්නේ Review අවස්ථා දෙකක් පමණි.

(උදාහරණ- මේ රූපයට අනුව පෙනී යන්නේ විනිසුරු Not-Out දුන්න අවස්ථාවක ගත review එකක පින්තුරයක්. මෙහි අවසන් තීරණය Not-Out. ඒකේ කිසි වෙනසක් නැහැ. මොකද Wickets කියන එකේ තියෙන්නේ Umpire’s call කියලා. 

නමුත් මෙය කෙතරම් දුරට සාධාරණද ? ඒ කියන්නේ දැන් හරියටම බැලුවොත් මේක දැවී යාමක් විය යුතුයි. මොකද 80% කට වැඩිය රතුවට තියෙන්නේ. විනිසුරුගේ තීන්දුව මුල්ම අවස්ථාවේම දෝෂ සහිත එකක් නම්, ඒ කියන්නේ මුලින්ම බලන්නේ Impact එකනේ, අන්න ඒක හරියට වැටිලා නම්, ඒ කියන්නේ රතුපාටින් තිබුනා නම්, අවසානයේ review එක ගත්ත තීරණය වැරදි වුවත්,කණ්ඩායමට තමන්ගේ review අවස්තාව ගිලිහි යන්නේ නැහැ.

දැන් ඕකම පිතිකරුවෙක් review එක ගත්තා නම් වෙනස් වෙනවා. ඒ කියන්නේ impact එක කොලපාට වුනොත් , review ගත්ත අවස්තාව වැරදීමක් වුනත් එම කණ්ඩායමට review එක අහිමි වෙන්නේ නැහැ.) 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක