Menu

ශ‍්‍ර‍්‍රී ලංකාවට ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තුවක් ඉතිරිකරමින් එංගලන්තය කොදෙව්වන් පරදවයි

September 10, 2017

ශ‍්‍ර‍්‍රී ලංකාවට ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තුවක් ඉතිරිකරමින් එංගලන්තය කොදෙව්වන් පරදවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක‍්‍රීඩාංගනයේ පැවැති තුන්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 123 කට සීමා කල එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි හැකියාවක් පෙන්වූ බෙන් ස්ටොක් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.එංගලන්ත පළමු ඉනිම ලකුණු 194 කට සීමා කල කිමාර් රොච් ඇතුළු වේගපන්දු යවන්නන් හමුවේ තමා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව පෙන්වමින් බෙන් ස්ටොක් ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් විය.

දෙවන ඉනිම ඇරඹු කොදෙව් කණ්ඩායමට දැඩි හිසරදයක් බවට පත්වූ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිටින ප්‍රවීනතම වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩසන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ විය.තම ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ කඩයිමක් වූ ටෙස්ට් කඩුලු 500 සීමාව තම ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සමඟ සටහන් කරගත් ඇන්ඩසන් කොදෙව් කඩුලු 7ක් බිඳ දැම්මේ ලකුණු 42 ක් පමණක් ලබා දෙමිනි.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ කොදෙව් බලාපොරොත්තුව බවට පත්වී සිටින ෂේවියර් හෝප් කොදෙව් දෙවන ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත්තද එය කොදෙව් පරාජය වැලකීමට තරම් ප්‍රමාණවත් නොවිණි.

ඒ අනුව කොදෙව් දෙවන ඉනිම ලකුණු 177කට .සීමා වූ අතර තරඟය ජය ගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක් පමණක් දැවී ලබා ගත් එංගලන්ත කණ්ඩායම තරඟය කඩුලු 09 කින් ජය ගත්තේ තරන්ගාවලියද 2-1 ලෙස ජය ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට ටෙස්ට් තරඟාවලියේ ජය පරාජය වැදගත් නොවුනද කොදෙව් කණ්ඩායම ඉදිරියේ මුහුණ දෙන එක්දින තරඟවල ප්‍රතිපලය වැදගත් වීම නිසා ටෙස්ට් තරඟාවලියේ පරාජය සමඟ කොදෙව්වන්ගේ ජයග්‍රාහී මානසිකත්වය බිඳ වැටීම ශ්‍රී ලංකාවේ 2019 ලෝක කුසලාන බලාපොරොත්තු යම් තරමකින් ඉහල යාමට හේතුවක් වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – සියලු දෙනා දැවී 123
(කිරන් පවෙල් 39, ශායි හෝප් 29, රොස්ටන් චේස් 18, බෙන් ස්ටොක්ස් 22/6, ජේම්ස් ඇන්ඩසන් 31/2, රෝලන්ඞ් ජෝන්ස් 32/2)

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 194
(ඬේවිඞ් මෙලන් 20, බෙන් ස්ටොක්ස් 60, ජොනී බෙයාස්ට්‍රෝ 21, ස්ටුවට් බ්‍රෝඞ් 38, කේමර් රෝච් 72/5, ජේසන් හෝල්ඩර් 54/4)

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම – සියලු දෙනා දැවී 177
(කිරන් පවෙල් 45, ශායි හෝප් 62, ජේම්ස් ඇන්ඩසන් 42/7, ස්ටුවර්ඩ් බෝර්ඩ් 35/2)

එංගලන්ත දෙවන ඉනිම – 107/1
(ටොම් විස්ලි 44, මාර්ක් ස්ටොන්මන් 40, දේවෙන්ද‍්‍ර බිෂු 35/1)

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක