Menu

‘ජනපති මෛත‍්‍රී’ ත් එකග වෙයි.. අගමැති පුටුවට රාජපක්ෂවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වෙයි

September 9, 2017

‘ජනපති මෛත‍්‍රී’ ත් එකග වෙයි.. අගමැති පුටුවට රාජපක්ෂවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයට අගමැති පුටුව හරස් වී ඇත.ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී . ල. නි. ප. ආණ්ඩුවක් පිහිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට යෑමේදී මේ ගැටලුව පැන නැඟී ඇති බව, එම පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

එසේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අගමැති තනතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හිමිවිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇතැයි පැවැසේ.

හිටපු කතානායකවරයකු වන චමල් රාජපක්ෂගේ නමද එම තනතුර සඳහා යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු කොටස් ඒකරාශී කර ගනිමින්, ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්වී ඇති යෝජනාවට, ජනාධිපතිවරයා විරුද්ධත්වයක් දක්වා නොමැති බවත්, පදනමක් ඇතිව ඇතිකර ගන්නා එකඟතාවකට තමා කෙරෙහි අකැමැත්තක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවද දැන ගන්නට ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ල. නි. පක්ෂ මන්ත්‍රිවරු හා ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ල. නි. ප. මැති ඇමැතිවරු පිරිසක් ද මේ පිළිබඳව ඉකුත් සතියේ කොළඹදී සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත.

මීළඟ මහ මැතිවරණය තෙක් ආණ්ඩුවේ රැඳී සිටිමින් ශ්‍රී ල. නි. ප. ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ල. නි. පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් මෙහෙයවන පොදු ජන පෙරමුණ වටා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ඒකරාශි වී සිටින බැවින් එම පෙරමුණට ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ශ්‍රී ල. නි. පක්ෂයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකි බවට විශ්වාසය පළවී ඇත.

එම පසුබිම යටතේ ශ්‍රී ල. නි. ප. ය සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට අදහස් පළවී ඇති බවද දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා වටා රට පුරා සෑම ප්‍රදේශයකම ජනපදනමක් ගොඩනැඟී ඇති බැවින් රාජපක්ෂ මහතාගේ සහයෝගය ශ්‍රී ල. නි. පක්ෂයේ රජයක් පිහිටුවීමට ලබා නොදී පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

– Mawbima

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක