Menu

සුන්දර අම්බුලුවාව ගැන මේ දෙවල් ඔබ දැන සිටියාද

August 14, 2017

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. කඳුමුදුනේ තැනි තලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිළිමය මෙකල ගල් වඩුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පෙන්වයි. අනුරපුරයේ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කඳු මුදුනේ වැඩම කර සිටී. මේ සියල්ල පරයමින් අඩි 400ක් පමණ උස ගොවිජන  සෑය සුවිශේෂී එකක් වෙනවා.

අපූර්ව ත්‍රාස්‍යජනක ගමනක් අත් විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩි පෙලයි. එය කොටසක් චෛත්‍යය තුලින්ද ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණ ගමනම යා යුතුවේ. කෙමෙන් සිහින් වල පඩි පෙල අවසන් වෙන්නේ චෛත්‍ය බිත්තිය හා අත් වැට අතර හිඩස වසා දැමීමෙනි. අවසන් අඩි කීපය නැගීමේදී තැනින් තැන ඇති කුටි තුලට වී ඉහල සිට පැමිණෙන්නන් හා පහල සිට එන්නන්ට මාරු විය හැකිය. පඩි පෙලත් හමන සුලඟත් නිසාවෙන් මෙය බොහෝම පරිස්සමින් ගමන් කල යුතුය.

මෙහි සිට කිසිඳු කන්දකින් බාධාවක් නැතිව අංශක 360ම දැකිය හැකිය. අහස පැහැදිලි දිනයකදී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ශනය වේ. ඈතින් පූජනීය සමනළ කන්ද, නමුණුකුල, නකල්ස් කඳුවැටි, හන්තාන, බතලේගල, පිදුරුතලාගල, අලගල්ල, මොණරාගල, රාක්‍ෂාව, සප්ත කන්‍යාහුන්නස්ගිරියබහිරවන්දඋතුවන්කන්දබලපොකුණකළුගල,මුල්ඔයඅහුපිනිඇල්ලලෙවලන්ඩෙල්ටාපීකොක් හිල්ප්‍රෝටෝප් වැනි සුවිශේෂී කඳු මෙන් ම මෙහි සඳහන් නොකළ කඳු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ.

ආවේණික සත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ගම්පොල නගරයත්, නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූර්ව දර්ශයක් මවයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක