Menu

අවසන් තරගය අබාධයකින් නිමවෙයි- බෝල්ට් සමුගනියි(VIDEO)

August 13, 2017

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය අවසන් ජාත්‍යන්තර තරගයේදී ඇද වැටී පිටියෙන් ඉවත් කිරීමට සිදුවුණා.

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (12) පැවති අතර, ඒ සදහා ජැමෙයිකාව ද සුදුසුකම් ලබා සිටියා.

එහෙත්, සිය අවසන් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වට සහභාගි වූ උසේන් බෝල්ට් මීටර් 60 ක් පමණ ධාවනයේ යෙදී සිටියදී පාදයේ ආබාධයකට ලක්වී ඉවත් වූ අතර, ඔහු පිටියෙන් ඉවතට ගොස් ඇත්තේ රෝද පුටුවකින්.

උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයායි.

ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියෙන් පසු පිටියෙන් සමුගන්නා බව බෝල්ට් ප්‍රකාශ කළ අතර එහි මීටර් 100 තරගයේ දී ද ඔහුට හිමිවූයේ ලෝකඩ පදක්කමක් පමණයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක