Menu

මීගමුව හෙල්ලු පාතාල-STF වෙඩි හුවමාරු වීඩියෝව මෙන්න..(VIDEO)

August 13, 2017

මීගමුව කුරනදී  සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය  පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි.

ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා  පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්විය. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමුව රෝහලේ දී ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එක් අයෙක් සේවය හැර ගිය නාවික සෙබලෙක්.

 

 

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක