Menu

ඉන්දියාවේ රාහුල් විශිෂ්ටයින් අතරට එක්වෙයි

August 12, 2017

සංචාරක ඉන්දියානු කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර තෙවැනි ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට කිසිවකු නොදැවී ලකුණු 114 රැස් කරගෙන සිටිනවා.

අද දිනයේදී විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු ඉන්දීය පිතිකරු කේ එල් රාහුල් මේ වන විට නොදැවී ලකුණු 54ක් රැස් කර ගෙන සිටිනවා .එය ඔහු නොකඩවා ලබාගත් 7වන ටෙස්ට් අර්ධ ශතකය ලෙස සටහන් වනවා.

ටෙස්ට් තරඟවල නොකඩවා අර්ධ ශතක 7ක් රැස් කළ පිතිකරුවන් 5 දෙනෙකු වාර්තා වන අතර ඒ අතර ශ්‍රී ලාංකේය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද සිටිනවා.අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ සර් එවර්ටන් වීක්ස්,ඇන්ඩි ෆ්ලවර්,ෂිවනරින් චන්ද්‍රෙපා්ල්,සහ ක්‍රිස් රොජර්ස් යි.

මීට අමතරව ආරම්භක පිතිකරු ශිකර් ධවාන් නොදැවී ලකුණු 57ක් ලබා සිටිනවා

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක