Menu

අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා තීරණාත්මකයි.. සිදුවන දේශපාලන පෙරළිය පිළිබදව ප‍්‍රබලයකු ඉගි පළ කරයි

August 12, 2017

අගෝස්තු 21 සිට සැප්තැම්බර් 02 දක්වා තීරණාත්මකයි සිදුවන දේශපාලන පෙරළිය පිළිබදව ප‍්‍රබලයකු ඉගි පළ කරයි..

යහපාලන ආණ්ඩුවේ වසර දෙකේ සම්මුති ගිවිසුම අවසන් වන අගෝස්තු 21 වනදාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර්…02 වැනිදාත් අතර කාලයේදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ දේශපාලන පෙරැළියක් සිදුවන බවට එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන රාජ්‍ය ඇමැතිවරයකුගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කීවේ එවැනි පෙරැළියක් සිදුවීම වැළැක්වීම පවතින දේශපාලන තත්ත්වය යටතේ අසීරු විය හැකි බවයි. කෙසේ වෙතත් විපක්ෂයේ අසුන් ගැනීමට පෙර, එම කණ්ඩායම ඉවත්ව යෑමට තුඩු දෙන කරුණු කාරණා සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවත් මේ වන විට අදාළ කරුණු ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවත් එම රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම් හා අපේක්ෂිත දේවල් ආණ්ඩුවෙන් ජනතාව වෙත නොලැබෙන්නේ නම්, තවදුරටත් මැති ඇමැතිකම් දරමින් ආණ්ඩුවේ රැඳී සිටීම පාක්ෂිකයන්ට කරන අගෞරවයක් බවද එම රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක