Menu

‘හිටපු ජනපති මහින්ද හා හිටපු මහ බැංකු අධිපති බැදුම්කර කොමිසමට කැදවිය යුතුයි’- නලීන් බණ්‌ඩාර

August 12, 2017

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබා දුන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ එවකට මුදල් ඇමැති වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ යන මහත්වරුන් ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්‌ඩාර මහතා ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ අධ්‍යක්‌ෂවරයකු ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සොහොයුරියද කලක්‌ කටයුතු කර ඇති බවත් ඇයද ජනාධිපති බැඳුම්කර කොමිසමට කැඳවා සාක්‌ෂි විමසිය යුතු බවත් නලීන් බණ්‌aඩාර මහතා කීය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පමණක්‌ කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න විමසීම ප්‍රමාණවත් නැති බවත් කොමිසම තවදුරටත් ශක්‌තිමත් වීම සඳහා එම තුන්දෙනාවද කැඳවා සාක්‌ෂි ලබා ගැනීම වඩාත් සුදුසු බවත් මන්ත්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (11 වැනිදා) පැවැති පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරයා එම අදහස්‌ පළ කළේය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව එය අභියෝගයට ලක්‌ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන ලද්දේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි යන මහත්වරුන් විසිනි.

Image result for nalin bandara

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක