Menu

’96 හිටියේ හොදම කණ්ඩායම නෙමෙයි.. රට වෙනුවෙන් ජීවිතය දෙන කණ්ඩායමක්’

August 11, 2017

1996 වසරේදී ලෝක කුසාලනය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම එවකට සිටි හොඳම කණ්ඩායම නොවන බවත් තමන්ට අවශ්‍යවූයේ කණ්ඩායමට 100% දායකත්වය දෙන,  රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය හෝ ලබාදෙන කණ්ඩායමක් බවත් හිටපු ක්‍රිකට් නායක, වත්මන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.

විදේශීය ක්‍රිකට් වෙබ් අඩවියක් හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. එහිදී තවදුරටත් අදහස් දැක්වා ඇති අමාත්‍යවරයා,

96 කණ්ඩායම එම අවස්ථාවේදී අපිට සිටි හොඳම කණ්ඩායම නෙමෙයි. මට කවදාවත් අවශ්‍ය වුණේ නෑ දක්ෂම කණ්ඩායමක්. මට අවශ්‍ය වුණේ කණ්ඩායමට 100%ක් දායකත්වය දෙන, තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් දෙන කණ්ඩායමක්.

අපි සැලසුම් කරන ඕනෑම සැලැස්මත් මාත් සමග ක්‍රියාත්මක කරන්න පුළුවන් අයයි මට අවශ්‍ය වුණේ. ඒ අතින් දැන් ඉන්නවට වඩා ගොඩක් හොඳ ක්‍රීඩකයන් ඒ කණ්ඩායමේ සිටියා. ඒ නිසා තමයි අපි ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ.” යැයි පැවැසීය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක