Menu

චීවරය අතහැර පෙම්වතිය නිරුවත්කර නාච්චිමලේදී දියේ ගිල්වා මැරූ පුද්ගලයා

August 10, 2017

ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී තම පෙම්වතිය නිරුවත් කර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවු හිටපු චීවරධාරියෙකුවු මෙන්ම ත්‍රීරෝද රථ රියදුරෙකු ද වූ අයෙකුට පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද  (10) මරණ දණ්ඩනය නියම කලා.

මෙසේ මරණ දන්ඩණය නියම වුයේ පන්නිපිටියේ පදිංචිව සිටි හෙනේගම රත්නසිරි හිමි හෙවත් කොඩිතුවක්කු ආරච්චිගේ ප්‍රමිල සාරංග නැමැති 34 හැවිරිදි අයෙකුටයි.

2010 මැයි මස 25 වැනිදා ඔහුගේ පෙම්වතිය යැයි කියන ඉංගිරියේ පදිංචි දෝන සුනේත්‍රා ප්‍රියදර්ශනී නැමැත්තිය ඉංගිරිය නාච්චිමලේ ජලාශයේ දී නිරුවත් කර දියේ ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අධිචෝදනා ලබා සිටියා.

මෙම නඩුව පිළිබඳව දිර්ඝ නඩු විභාගයක් පැවැත්වු විනිසුරුවරිය නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළා.

විත්තිකරු  මහනවී සිට ඇති අතර, පසුව සිවුරු අතහැර කාන්තාවක් සමග අවුරුදු පහක් පමණ තදබල ලෙස ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙනවා.

පසුව ඇගෙන් මුදල් ද ලබා ගෙන ප්‍රේම සම්බන්ධය අතහැර ඔහු කොරියාවට පලා ගොස් අවුරුදු දෙකකට පසුව ලංකාවට පැමිණ ඇති අතර ඉන් පසු මේ තරුණිය යළිත් ඔහු සොයාගෙන පැමිණ තිබුණා.

ඉන්ම පසුව ප්‍රේම සම්බන්ධය අලුත්කර ගෙන මෙම තරුණිය සමග විවාහ වන බව ඇගේ දෙමාපියන්ට පොරොන්දුවී තිබුණා.

ඉන්පසුව 2010 මැයි 25 වැනිදා ඔහු මංගල්‍යයට අවශ්‍ය දේ මිළදී ගැනීමට යැයි පවසා ඇයව කොළඹ කැඳවාගෙන ගොස් ඇති අතර  පසුදින ඇයගේ මළසිරුර ඉංගිරිය පොලිසිය විසින් නාච්චිමලේ ජලාශයේ තිබී සොයාගෙන තිබුණා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක