Menu

ලිංගිකත්වය අපේ ගායක/ගායිකාවෝ ගීතයෙන් එළි දැක්වූ හැටි

August 9, 2017

1. පුන්සඳ රෑට

ගායනය – නිරෝෂා විරාජිනී
ගී පද රචනය – රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය – ඔස්ටින් මුණසිංහ

නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන මේ ගීතය ගැන මත කිහිපයක් තියෙනවා, එකක් තමයි සැමියාහේනේ පැල් රකින්න යාම නිසා අලුත විවාපත් වූ දෙදෙනාගේ ආදරයට බාධා ඇතිවීම ගැන පැවසෙන ගීතයක් බව. දෙදෙනා දෙතැනක රාත්‍රිය ගත කරන නිසා තුන් වන්නෙකු (දරුවෙකු) ගේ එකතු වීම දිනෙන් දින කල්යාම නිසා බිරිඳගේ සිතේ ඇතිවන සිතුවිලි මෙයින් ගම්‍ය වෙන බවයි.
මීළඟ මතය තමයි සැමියාගේරහස් සමරිසි ජීවිතය නිසා පවුල් ජීවිතය හරියාකාරව පවත්වාගෙන යන්නට ඇති නොහැකියාව ගැන කියවෙන ගීතයක් බවයි.

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද…“

යන්නෙන් අදහස් වන්නේ සැමියාගේ සමරිසි ජීවිතය ගැන බව පැවසෙනවා. මේ නිසාකොතරම් ආදරය තිබුනත් පවුලට දරුවෙකුගේ එකතු වීම කල් යාම ගැන කතා වෙන, දෙමාපියන්ගේ විමසීම අතරේ අසරණ වෙන, බිරිඳකගේ ශෝකාලාපයක් මෙයින් පෙන්වා දෙන බව පැවසෙනවා.

2. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

ගායනය – පණ්ඩිත් අමරදේව
ගීපද රචනය – මහගමසේකර

මහගම සේකර රචනා කරන ලද, පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන මේ ගීතයේ යටිපෙළ අරුත් ගැන්වෙන්නේ කොටස් තුනකට ඒ ආලින්ගනයට පෙර, ආලිංගනය සහ ආලිංගනයට පසු අවස්ථාව, ගීතයෙන් පමණක් නොව සංගීතයෙන් පවා මේ අවස්ථා තුන විකාශනය වෙන ආකාරය බොහොම සුන්දරයි.

කාන්තාවකගේ සිරුරේ ස්වභාවිකව ඇතිවෙන මාසික වෙනස්වීම් නිසා ඇය හාප්‍රේමණීයව සිටින්නට වරම් නොලද, ආලින්ගනයට වරම් නොලද පෙම්වතා/සැමියා විසින් සිය පෙම්වතිය/බිරිඳ එක් වී සමඟ අවසානයේ සිය බලාපොරොත්තුව යතාර්ථයක් බවට පත්වූ කල සතුටින් සිනහා සලනආකාරය මේ ගීතයේඅරුත බවට පත් වෙලා තියෙන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක